ඔබ මේ ගැන දැනුවත්ද..ගෑස් සිලින්ඩරයකින් 5kg අඩු කර ගසාකන බව...?

gas cylinder malwana
By Sewvandhi Aug 25, 2021 01:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිස් ගෑස් සිලින්ඩර්වලට ඉතාමත්ම සුක්ෂම අන්දමින් හොරට නියමිත ප්‍රමිතියට අඩුවෙන් ගැස් පුරවා නියමිත මිලට අලෙවි කිරිමේ ජාවාරමක පොම්පකරුවකු ඇතුළු දෙදෙනකු 22 වැනිදා පස්වරුවේ මල්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි.

ඒ සමගම මෙම හිස් ගෑස් සිලින්ඩර්වලට ගෑස් පුරවා දෙන බව කියන රථවාහන හා වෙනත් උපකරණවලට ගෑස් පුරවන පෞද්ගලික ආයතනයක පොම්පකරුවකු පොලිස් භාරයට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම ජාවාරම්කරුගේ මල්වාන ප්‍රදේශයේ නිවෙසේ තිබී හොරට පුරවන ලද ගෑස් සිලින්ඩර් හතක් සමග හිස් ගෑස් සිලින්ඩර් දොළහක් සොයාගත් බවත් පොලිසිය කියයි. පොලිසියට ලැබුණු පැමිණිලි මත මෙම ජාවාරම හෙළි කර ගැනීමට හැකි වූ බව ද පොලිසිය කීය.

මෙම ජාවාරම්කරු කිලෝග්‍රෑම් 12.5 හිස් ගෑස් සිලින්ඩර් ගෑස් පුරවන එම ආයතනයට රැගෙන ගොස් එහි පොම්පකරු ලවා එම සිලින්ඩර්වලට ගෑස් කිලෝ 7.5 ක් පමණක් පුරවා ගෑස් කිලෝග්‍රෑම් 05 ක් අඩුවෙන් ඒවා කිලෝග්‍රෑම් 12.5 හේ ගෑස් සිලින්ඩර් ලෙස නියමිත මිලට අලෙවි කරන බවත් පොලිසිය කීවේය.

එහෙත් මෙසේ අලෙවි කරන ගෑස් සිලින්ඩර්වල මුද්‍රා නැති අතර එහි අඩංගු ගෑස් නිසි ප්‍රමිතියට තිබෙන ගෑස් නොවන බව ද පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් මෙම ජාවාරම්කරු මල්වාන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකු වන අතර පොම්පකරු ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු වන බව ද පොලිසිය පැවසීය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join Now



ReeCha