අලුත් ගෑස් සිලින්ඩරෙන් ගහපු අවධානම් ගේමක් හෙළිවෙයි...දැඩි අවධානම් තත්ත්වයක්(PHOTOS)

Hatton Gas Litro gas Bagawanthalawa
By Aruna Dec 09, 2021 06:35 AM GMT
Aruna

Aruna

Report

අද (දෙසැ. 9) උදෑසන මිල දී ගත් රතු පැහැති නව මුද්‍රාව සහිත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් නිවසට රැගෙන ගොස් එම මුද්‍රාව ඉවත් කිරීමේදී රතු පැහැති මුද්‍රාවට යටින්, සුදු පැහැති පැරණි මුද්‍රාව තිබූ බව බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් පවසයි.

''ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන් නොමග යැවීමේ අරමුණින් එම සමාගම විසින් පැරණි ගෑස් සිලින්ඩරයේ සුදු පැහැති මුද්‍රාවට උඩින්, රතු පැහැති මුද්‍රාව අලවා ඇති බව'' එම කාන්තාව පවසුවා ය.

මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ, බගවන්තලාව ප්‍රදේශයේ ගෑස් අලෙවි නියොජිතයින් වෙත අද දින ලිට්‍රෝ සමාගම නව ගෑස් සිලින්ඩර් තොග බෙදා හැරි බව ය.

කෙසේ වෙතත්, ඔවුන් සතු පැරණි ගෑස් සිලින්ඩර වෙනත් දිනයක ලබා ගන්නා බවට එම සමාගම තමන්ට දැනුම් දුන් බව බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයින් පවසා ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ, ගෑස් අලෙවිය තවදුරටත් අඩුවී ඇති බව හැටන් සහ බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයින් පැවසූ බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery