රට පුරා ගෑස් පිපිරීම් 458ක්..දැඩි අවධානම් තත්ත්වයක්.(සජිත් ප්‍රේමදාස)

Hambantota Gas Sajith premadasa
By Aruna Dec 09, 2021 06:47 AM GMT
Aruna

Aruna

Report

රටේ තිබෙන්නේ පාරිභෝගික සේවා අධිකාරිය ද, එහෙමත් නැත්නම් සමාගම් සේවා අධිකාරිය දැයි යන ප්‍රශ්නය මතුව ඇති බවත් පාරිභෝගිකයා රැක ගන්නට තිබෙන ආයතනය සමාගම් රැකගැනීමේ තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යවරයා සමාගම් සේවා කටයුතු අමාත්‍යවරයා බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා මුළු ආණ්ඩුවම එකතුවී රටේ ජනතාව අන්දවමින් සිටින බවද පැවසීය.

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරීම් 458 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,ඒවා සාමාන්‍ය පිපිරීම බවට විෂය භාර අමාත්‍යවරයා පැවසීම හාස්‍යයක් බවද විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සසුනට අරුණ සංකල්පය හරහා අම්බලන්තොට උඩබැරගම පුණ්‍යවර්ධනාරාමස්ථ ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ ඉදිකරනු ලැබූ දහම්පාසැල් ගොඩනැගිල්ල විවෘත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් (08) සිදුවිය.

හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රධාන සංවිධායක හා තිස්සමහාරාම සම සංවිධායක හිටපු දකුණු පළාත් සභා විපක්‍ෂ නායක තෙන්නකෝන් නිලමේ, අම්බලන්තොට සූරියවැව සංවිධායක ටී වී කේ ගාමිණී, ලුණුගම්වෙහෙටර හා හම්බන්තොට කොට්ඨාස සම්බන්ධීකරණ ලේකම් රංග රංහොටි යන මහත්වරුන් එක්ව මෙම උත්සව අවස්ථාව සංවිධානය කර තිබූණි.

තිස්සමහාරාම ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර මහතාද මේ අවස්ථාව ට එක්විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now