මෙරටේ ඇඟලුම් කර්මාන්තශාලා වලට ලඟදීම වෙන්න යන දේ මෙන්න..
By Aruna
රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා සියයට 30 ක් පමණ මෙරටින් ඉවත් කර වෙනත් රටවල ස්ථාපිත කිරීමට එම කර්මාන්තශාලා ප්‍රධානීන් සූදානම් වන බව වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.
එහි කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා පැවසුවේ, අපනයන නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කිරීමට නොහැකි වීම, අමුද්‍රව්‍ය ආනයනය කර ගැනීමට නොහැකිවීම සහ ඉන්ධන හිඟය ඊට හේතුවී ඇති බවයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සමස්ථ නිෂ්පාදන කටයුතු සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |