ලංකාවේ මේ රාජ්‍ය ආයතනයනවලට ලෝක බැංකුවෙන් සහය - විශේෂ සාකච්ඡාවක්
මෙරට ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු මේ බව කියා ඇත්තේ කළමනාකරු ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) දින ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ විටදීයි.
එම අවස්ථාවේදී ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු හා රාජ්‍ය සේවකයින්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදුව ඇත.
තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ රජයේ ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණය සඳහා වන වැඩසටහන් හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කළ බවයි.
එසේම ඒ සඳහා ලෝක බැංකුවේ සහාය ලබාදීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. තවද රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත රාජ්‍ය පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ කටයුතු පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව සදහන්.
මේ අතර ඉදිරියේදී එම ආයතනය සමඟ ලෝක බැංකුව සම්බන්ධ වී කටයුතු කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇත.
මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත්තේ රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති අභ්‍යන්තර කටයුතු ඒකක හා බැඳුනු වැඩපිළිවෙලට ලෝක බැංකු නියෝජිතයන් සම්බන්ධ වී කටයුතු කිරිමේ වැදගත්කම පිළිබඳවයි.

