තමිල්නාඩුවේ නව මහ ඇමති වෙන්න යන සුපිරි නළු විජේට චන්ද්‍රිකාගෙනුත් සුබ පැතුම්

Report

තමිල්නාඩුවේ මහ ඇමති ධුරට සුදුසුකම් ලැබූ සී. ජෝශප් විජේ නොහොත් 'තලපති විජේට' ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සුබ පැතුම් එක්කර ඇත.

ඒ අනුව ජෝශප් විජේ මහතා වෙත අද (6) දින සුබ පැතුම් ලිපියක් යොමුකරමින් ඇය සඳහන් කර ඇත්තේ, මෙවර මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් ඔහු අත්පත් කරගෙන ඇති බවයි.

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්

එමෙන්ම තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කරමින් නව පාලනය යටතේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අඳාළ ලිපියේ සඳහන් කර ඇත.

එසේම සිය සුබ පැතුම් පණිවුඩයෙන් හිටපු ජනපතිනිය තවදුරටත් සඳහන් කර ඇත්තේ තලපති විජේගේ ඉදිරි කටයුතු සඳහා ශක්තිය සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන බවයි.

ඉන්දීය දේශපාලනයේ තවත් වෙනසක් - තමිල්නාඩුව පුදුම කරමින් සුපිරි නළු තලපති විජේට ලැබෙන්න යන දැවැන්ත සහය

ඉන්දීය දේශපාලනයේ තවත් වෙනසක් - තමිල්නාඩුව පුදුම කරමින් සුපිරි නළු තලපති විජේට ලැබෙන්න යන දැවැන්ත සහය

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස තලපති විජේ හෙට දිවුරුම් දෙයි

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස තලපති විජේ හෙට දිවුරුම් දෙයි

Gallery