මහා භාණ්ඩාගාරේ හොරා කෑවෙත් රිමාන්ඩ් කරපු චීන්නු 120 දෙනාමද? විශේෂ විමර්ශනයක්
මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් හැකරුන් විසින් වංචා කළ මොහොතක මෙරටට පැමිණ අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වූ බවට රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතිකයන් 120 පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව වැලිකඩ පොලිසිය සඳහන් කරයි.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉදිරියේ කරුණු දක්වමින්.
එහිදී වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් රටවල් පහකට අධික විදේශකයන් සේවයේ යොදවා අන්තර්ජාල වංචාවේ නිරත පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු බවයි.
එසේම අඳාළ පුද්ගලයන් ලංකාවේ මෑතකදී සිදු වූ මහා භාණ්ඩාගාර මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ දැයි සැකයක් ද මතුවන බැවින් විමර්ශන අවසන් වන තෙත් තවදුරටත් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටි බව සඳහන්.
මෙම කරුණු ඉදිරිපත් කර ඇත්තේ රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි සත් මහල් නිවාස සංකීර්ණයක දැඩි රැකවල් මැද අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී සිටියදී රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමින් යුත් මුදල් හා පරිගණකය ඇතුළු භාණ්ඩ තොගයක් සමඟින් ඉකුත් 2 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ විදේශීය ජාතික සැකකරුවන් 120 දෙනාට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීයි.