නගර සභා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි - හේතුව මෙන්න
කුරුණෑගල මහ නගර සභාවේ අංක 01, ගංගොඩ කොට්ඨාසය නියෝජනය කරන නාගරික මන්ත්‍රී බී.ඩබ්ලිව්. ප්‍රේමචන්ද්‍ර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලිපියක් මඟින් ඔහු මේ බව කුරුණෑගල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇත්තේ ඊයේ (05) දිනයේදී බව සඳහන්.
එසේම ඔහු සිය අත්සනින් යොමු කළ ලිපියෙහි දක්වා ඇත්තේ නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කර ගැනීමට නොහැකි වීම නිසා තමන් මෙම තීරණය ගත් බවයි.