සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක් - හිරු එළියට සමේ පිළිකා?
පෙරවරු 10ත් පස්වරු 4ත් අතර පවතින අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් පිළිකා වැළඳිය හැකි බවට සෞඛ්‍ය අංශ දිවයිනටම අනතුරු අඟවයි.
ඒ අනුව කළුතර මහ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය සඳහන් කළේ එම තත්ත්වයෙන් ආරක්ෂා වීමට සිරුර ආවරණය වන ඇඳුම් පැළඳුම් භාවිත කිරීම වැදගත් බවයි.