ලොව පුරා පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් මාධ්‍ය අධිරාජ්‍යයක් ගොඩනැඟූ CNN නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි
ලොව ප්‍රථම පැය 24 පුරා ක්‍රියාත්මක පුවත් නාලිකාව වන CNN ජාලය ආරම්භ කරමින් රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදුකළ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු මියයන විට 87 වැනි වියේ පසු විය. ටෙඩ් ටර්නර් මහතා ඔහියෝහි උපත ලබා ඇට්ලන්ටාහි ව්‍යාපාරිකයෙකු වශයෙන් ප්‍රසිද්ධ විය.
එසේම ඔහු, තමන්ට රිසි දේ නොපැකිළිව ප්‍රකාශ කිරීම හේතුවෙන් "ද මවුත් ඔෆ් ද සවුත්" (The Mouth of the South) යන අන්වර්ථ නාමයෙන් හැඳින්විය.
තලපති විජේ ලංකාවට..ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි - සුබ පතන ගමන් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් කිව්ව තොන්ඩමන්
එමෙන්ම ඔහු කේබල් රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රථම 'සුපර් ස්ටේෂන්' එක මෙන්ම චිත්‍රපට සහ කාටුන් සඳහා ජනප්‍රිය නාලිකා සහ ඇට්ලන්ටා බ්‍රේව්ස් (Atlanta Braves) වැනි වෘත්තීය ක්‍රීඩා කණ්ඩායම් ඇතුළත් මාධ්‍ය අධිරාජ්‍යයක් ගොඩනඟන ලදි.
ඔහු ජාත්‍යන්තරව පිළිගත් යාත්‍රා පදවන්නෙකු, එක්සත් ජාතීන්ගේ පදනම (United Nations Foundation) පිහිටවූ පරාර්ථකාමියෙකු මෙන්ම ලොව පුරා න්‍යෂ්ටික අවි තුරන් කිරීමට වෙහෙස වූ ක්‍රියාකාරිකයෙකු වශයෙන් ද හඳුන්වයි.