ගම්මන්පිලගේ විදෙස් ගමන් තහනම ඉවතට

Udaya Gammanpila Law and Order Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 05, 2025 07:01 AM GMT
Hashini

Hashini

Report

කොළඹ මහාධිකරණය අද ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගමන්පිලට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

උදය ගම්මන්පිල සිය නීතිඥවරිය මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ඉකුත් මාර්තු මස 24 වනද කොළඹ මහාධිකරණය විසින් තමන්ව නිදොස් කොට නිදහස් කර තිබුණද ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රට අධි චෝදනා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රට අධි චෝදනා

උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවා දායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න උදය ගම්මන්පිලට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට නියෝග කරනු ලැබුවා. 

රජයේ අපේක්ෂිත ආදායම උපයා ගත හැකි බව මට විශ්වාසයි – හර්ෂ

රජයේ අපේක්ෂිත ආදායම උපයා ගත හැකි බව මට විශ්වාසයි – හර්ෂ

ReeCha