දොළක දිය නෑමට ගිය නුගේගොඩ පිරිසකගෙන් සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන්
දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ දොළක දිය නෑමට ගිය පුද්ගලයන් සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
නුගේගොඩ ප්‍රදේශයේ සිට පැමිණි 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බෙවරලිය ප්‍රදේශයේ දොළක දිය නාමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලීසිය පවසයි.
අතුරුදන් වූ පුද්ගලයන් 4 දෙනා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව විශේෂ සෙවුම් මෙහෙයුම් ආරම්භ කර ඇත.