අගුරුවාතොට මත්පැන් සාදයකදී බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Report

මරණකරු ඇතුළු තිදෙනෙකු ඊයේ (06) පස්වරුවේ බටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුව මියගිය පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් සැකකරුට ඇමතුමක් ලබාදී පරුෂ වචනයෙන් බැන වැදී ඇති බව වාර්තා වේ.

එම බැන වැදීමත් සමඟ තියුණු ආයුධයක් ද සහිතව ත්‍රිරෝද රථයකින් අදාළ ස්ථානයට පැමිණි සැකකරු සහ මරණකරු අතර ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් ඇත.

මෙවර අයවැයෙන් මේ බදු සීමාව ඉහළ දැමීමට තීරණයක් - ජනපතිම කියයි

මෙවර අයවැයෙන් මේ බදු සීමාව ඉහළ දැමීමට තීරණයක් - ජනපතිම කියයි

එහිදී සැකකරු සතුව තිබූ තියුණු ආයුධය මරණකරුගේ පපු ප්‍රදේශයට වැදීමෙන් ඔහු බිම ඇදවැටී තිබේ. සිද්ධියෙන් බියට පත් සැකකරු විසින් පහරකෑමට ලක්වූ පුද්ගලයාව සිය ත්‍රිරෝද රථයෙන්ම ගල්පාත රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව හොරණ රෝහලට මාරු කර යැවීමට සූදානම් වන අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලීසිය සහ හිමිවරුන් අතර උණුසුම් තත්ත්වයක් - දෙදෙනෙකු අත්අඩංගුවට

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලීසිය සහ හිමිවරුන් අතර උණුසුම් තත්ත්වයක් - දෙදෙනෙකු අත්අඩංගුවට

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර අපරාධ කොට්ඨාස පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, හොරණ වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ. සිද්ධිය පිළිබඳව අගුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.