බන්ධනාගාරයට ගුවනින් ආ පාර්සලය

prison galle cell phone Tabaco
By Sewvandhi Jun 22, 2021 01:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය පාර්සලයක් පසුගිය 20 වනදා රාත්‍රි සේවයේ රාජකාරි කළ නිළධාරින්ට හමු වී තිබෙනවා.

එම පාර්සලය තුළ ලී කොට කැබලි 02ක් තිබී ඇති අතර එය වැඩිදුර පරික්ෂා කිරීමේදී, ලී කොට කැබලිවල මැද කොටස ඉවත් කර එහි ඉතා සුක්ෂම ලෙස අදාළ තහනම් ද්‍රව්‍ය අසුරා තිබෙන අයුරු නිරීක්ෂණය වූ බවයි නිලධාරීන් කියා සිටියේ.

අදාළ පාර්සල් තුළ තිබී ජංගම දුරකථනයක්, දුම්කොළ 10ක් සහ ජංගම දුරකථන ආරෝපණයක් හමුවී තිබෙනවා. එම තහනම් ද්‍රව්‍ය පාර්සලය,බන්ධනාගාර පාලන අධිකාරිය වෙත භාර දී ඇති අතර, මේ පිළිබදව මුලික විමර්ශන කටයුතු මේ වනවිට පවත්වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha