15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය - මවට ඇප
mother
galkissa
lochani abeywickrama
girl abuse
By Sewvandhi
5 හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම, විකිණීම සහ එම කටයුතුවලට ආධාර අනුබල දීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (07) කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්ව විමර්ශන සිදුකර සවිස්තරාත්මක කරුණු ද සමග සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අදාළ දැරියගේ මව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස ද මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
