ගල්කිස්ස, වෙරළපාර කෙළවර මුහුදුබඩ තිරයෙහි ''ගල්ගුල්ලා'' නොහොත් ''හීල්ස්'' යන නාමයෙන් හඳුන්වන දුර්ලභ ගණයේ මත්ස්‍ය මළ සිරුරක් තිබී ඇත.
මෙම මත්ස්‍යා ගැඹුරු මුහුදේ ගල්පර අතර වැඩි වශයෙන් ජිවත් වන අතර ගොඩබිමට නොපැමිණෙන බව සඳහන් වේ.
එමෙන් ම, දුර්ලභ ගණයේ මත්ස්‍ය විශේෂයක් වන මෙම සත්වයාගේ සමෙහි මතුපිට වර්ණයට අමතර ව තිත් පල්ලම් සහිත සමක් ද පිහිටා ඇත.
කෙසේ වෙතත්, මෙම ''ගල්ගුල්ලා'' නමැති මත්ස්‍ය විශේෂය ආහාරයට නොගන්නා බව වාර්තා වේ.