අධිවේගී හුවමාරුවකින් ලක්ෂ 14කට අධික මුදල් සොරාගත් අයකැමි

highway Bandharawela Galanigama cashier
By Sewvandhi Sep 18, 2021 06:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ මුදල් සොරාගත් මුදල් අයකැමි බණ්ඩාරවෙල දී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

ඔහු අයකැමි අංශයේ සේප්පු දෙකක තිබූ රුපියල් 14 ලක්ෂ 18000 ක මුදලක් මෙසේ සොරකම් කර තිබුණා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ සොරා ගත් මුදලින් රුපියල් පන්දහසක් පමණක් තිබූ බවත් පොලිසිය පැවසුවා.

සොරාගත් මුදල් සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම මුදල් මුදල්වලින් රුපියල් 510,000 ක මුදලක් ණය පිය වූ බවත් ඉතිරි මුදල් කැට සහ බූරු ගසා වියදම් වූ බවත් ප්‍රකාශ කර තිබෙනවා. සැකකරුගේ මගපෙන්වීම් මත පුද්ගලයන් පස් දෙනෙක් සන්තකේ තිබු එලෙස ණය පියවන ලද මුදල් සොයා ගත් බව පොලිසිය පැවසුවා.

මේ අතර, රුපියල් මිලියන 300කට අධික මුදලක් වංචා කොට විදෙස් රටකට පළා ගොස් සිටින ගණකාධිකාරීවරයෙකු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය හමුවේ ඊයේ කැද වූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීමකට අනුවයි. මොවුන් දෙදෙනාට එරෙහි ව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබා ගැනීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචි දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටු වීමට හා නිවාස ඉදිකිරීමට බි්‍රතාන්‍යයේ කිසියම් පදනමක් විසින් මෙරට පෞද්ගලික ආයතනයක් වෙත මූල්‍ය ආධාර ලබා දී තිබෙනවා.

ඉන් රුපියල් මිලියන 300කට අධික මුදලක් එහි සේවය කළ මෙම ගණකාධිකාරීවරයා විසින් වංචා කර ඇති බවට පවසමිනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha