විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක් - නැවැත්තුවේ නැත්තම් ලබන සතියේ ඉඳන් කරන්නේ මේකයි

Report

විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් කරනු ලබන අනවශ්‍ය බලපෑම් සහ මැදිහත්වීම් නතර නොකළහොත් ස්ථිර ලෙසම එළඹෙන සතියේ දී වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) ලේකම් චාරුදත්ත ප්‍රකාශ කර ඇත.

ඒ කොළඹදී ඊයේ (24) දින පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඔහු පැවසුවේ විශ්වවිද්‍යාලවල උප කුලපතිවරු පත්කිරීම එදා සිටම පැවැති ආණ්ඩුවල අවශ්‍යතාව මත සිදුවුවද නව පනතින් එම තත්ත්වය පිටුදැකීමට අදාළව සාධනීය පියවර ගෙන ඇති බවයි.

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

එසේ වුවත් විශ්වවිද්‍යාලවලට පත්වන පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඕනෑම මො​හොතක ඉවත් කිරීමේ බලය නව පනත මඟින් පාලක සභා වෙත පවරා තිබීම බරපතළ ප්‍රශ්නයක් ලෙස ලේකම්වරයා පෙන්වා දෙයි.

ඒ අනුව මේ පිළිබඳව අගමැතිනි හරිනි අමරසූරිය සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ බලපෑම මත එම තීරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවට ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ නීතිය කඩ කරලා අහුවෙන්න එපා - පොලිසියෙන් දැනුවත් කිරීමක්

මේ නීතිය කඩ කරලා අහුවෙන්න එපා - පොලිසියෙන් දැනුවත් කිරීමක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්