අම්පාරේ වෙළදසැලක් සම්පූර්ණයෙන්ම ගිනි ගනී... ගිනි නිවන හමුදාව බීමතින්... සිදු වූ කලබලය..

Ampara Fire
By krishani Nov 01, 2023 06:00 PM GMT
krishani

krishani

Report

ඊයේ රාත්‍රියේ අම්පාර නගරයේ විසිතුරු භාණ්ඩ වෙළෙඳ සලක ඇති වූ ගින්නකින් මුළු වෙළඳසැලම විනාශයට පත්ව තිබෙනවා.

තෑගි භාණ්ඩ,plastic,වීදුරු භාණ්ඩ හා විදුලි උපකරණ මෙම වෙළඳසැලේ තිබී ඇති අතර ඒවා සියල්ල ගින්නෙන් විනාශයට පත් වී තිබෙනවා.

පසුව නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් මෙම ගින්න නිවා දමා තිබෙනවා .

නමුත් නිසි වෙලාවේ ගින්න නිවා දැමීම සඳහා නගර සභා ගිනි නිවන ඒකකය සම්බන්ධ කිරීමට උත්සාහ කළත් එය නිසි වෙලාවෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව පවසමින් මෙම ස්ථානයේ ඊයේ රාත්‍රී නොසන්සුන් තාවයක් ඇතිවී තිබෙන අතර නගරවාසීන් ගිනි නිවන ඒකකයට චෝදනා එල්ල කළා.

ReeCha