ඉන්ධන සැපයුම ගැන රජයෙන් හදිසියේම විශේෂ තීරණයක්..!
ෂෙල්-ආර් ඒ,එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමට එළැඹ තිබේ.
අද (12) කොළොන්නාව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී එම ගිවිසුමට එළැඹීම සිදුකර ඇත.
අදාළ ගිවිසුමට අනුව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, ෂෙල්-ආර් ඒ,එම් පාක්ස් සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදාහැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ උපදෙස් මත පසුගිය වසරේ ජුලි මස 08 වනදා මීට අදාළව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ අතර එම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා මෙම ගිවිසුම්ගතවීම සිදුකර ඇත.