ඉන්ධන මිල සහ විදුලි ගාස්තුව ඉහළ දමයි..?
Fuel Price In Sri Lanka
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
By Aruna
එළඹෙන මාසයේ සිට විදුලි ගාස්තුව නැවත වතාවක් ඉහළ දැමීමට නියමිත බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරනවා.
එම සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පෙන්වා දෙන්නේ ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18% තෙක් ඉහළ දැමීමත් සමඟ එය සෘජුව ඉන්ධන මත බලපාන බැවින් විදුලි ගාස්තුව ද ඉහළ යනු ඇති බවයි.
මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේ, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පෙනී සිටින වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවයි.
මේ වන විට මෙරට විදුලි උත්පාදනය සඳහා ඩීසල් පිරිවැය රුපියලක් හෝ වැය නොවන බවද පැවසූ ඔහු එහි වාසිය රටේ ජනතාවට මෙතෙක් ලබා දී නැති බවටද චෝදනා කළා.
