දැන් බයවෙන්න දෙයක් නෑ - SMS දැනුම්දීමක් දුරකථනයටම

Report

වල් අලින් දුම්රිය මාර්ගවලට පිවිසෙමින් සිදුවන අනතුරු වැළැක්වීමේ අරමුණින්, එවැනි අවදානම් ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ යැවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

මෙම ඉල්ලීම දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා විසින් ජූලි 7 වැනිදා ලිඛිතව ඉදිරිපත් කර ඇත.

ඔහු පෙන්වා දී ඇත්තේ, වල් අලින් සමඟ වූ ගැටීම් හේතුවෙන් දුම්රිය මගීන්ට සහ දුම්රිය දේපළවලට දැඩි හානි සිදුවන බවත්, අනතුරු වලට මුහුණ දීමට ඉතා අනාරක්ෂිත තත්ත්වයක් පවතින බවත්ය.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දුම්රිය පාලක මධ්‍යස්ථානයේ 1971 අංකයට කෙටි පණිවුඩයක් යැවීමෙන් වල් අලි අවදානම් පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බව ද ජනතාවට දැනුම් දී ඇත.

ඒ සඳහා SMS දැනුම්දීමක් ජංගම දුරකථන පරිශීලකයන්ට යැවීමත්, එම පණිවුඩය සෑම ජංගම පාරිභෝගිකයෙකුටම ලැබෙන ආකාරයකට ක්‍රමයක් සකස් කිරීමටත්, විශේෂයෙන්ම අවදානම් කලාපවල සිටින පිරිස සතියකට වරක්, මාසයකට වරක් වැනි විශාලත්වයන්ට අනුව දැනුවත් කිරීමක් සිදු කරන ලෙසද ඉල්ලී ඇත.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

එමෙන්ම, අනතුරු එළඹෙන අවදානම් කලාපවලට පිවිසෙන සියලුම ජංගම දුරකථන සබැඳුම්කරුවන්ට ස්වයංක්‍රීයව වහාම SMS පණිවිඩයක් ලබාදිය යුතු බවද සාමාන්‍යාධිකාරීවරයාගේ ලිපිය මඟින් අවධාරණය කර ඇත.