වහාම ක්‍රියාත්මක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කෙරේ
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 410ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයකට නව මිල රුපියල් 510ක් වේ.
අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනසක් නොවේ
එසේම, ලංකා අයි.ඕ.සී. සමාගම ද පෙට්‍රල් මිල ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඩු කළ අගයන් වලින්ම පහත හෙලීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
