සියලුම කර්මාන්තකරුවන්ට අඛණ්ඩව ඉන්ධන සැපයුමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්

Report

කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සහ ගැටලුකාරී තත්ත්වයකින් තොරව ලබාදීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසා තිබේ.

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

උණුසුම් කාලගුණික තත්වය තව දුරටත්

උණුසුම් කාලගුණික තත්වය තව දුරටත්

ලේකම්වරිය සඳහන් කළේ, 2026 මාර්තු 16 වන දින සිට ක්ෂේත්‍ර 20කට අයත් කර්මාන්තකරුවන් 2,846 දෙනෙකු තම ඉන්ධන අවශ්‍යතා සම්බන්ධ තොරතුරු ලබා දී ඇති බවත්, ඉන් 2,551ක ඉල්ලීම් නිර්දේශ කර මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත යොමු කර ඇති බවත්ය.

මීට අමතරව, ලීටර් 400ට අඩු ඉන්ධන ඉල්ලීම් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුමැතිය ලබාගෙන ලඟම පිහිටි ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබාදීමට නිර්දේශ කර ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය සුමටව සිදුවන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට ඉන්ධන ගැටලුවකින් තොරව කටයුතු කිරීමට හැකිවන බවත් ලේකම්වරිය අවධාරණය කළාය.

මත්පැන් ගණන් වැඩි වෙයිද? සියල්ල ගණන් යද්දි මත්පැන් මිල ගැනත් දැනුම් දීමක්

මත්පැන් ගණන් වැඩි වෙයිද? සියල්ල ගණන් යද්දි මත්පැන් මිල ගැනත් දැනුම් දීමක්

අන්තර්ජාල භාණ්ඩ මිලදීගැනීමේදී ප්‍රවේශම් වන්න – පොලිසිය අනතුරු ඇඟවීමක්

අන්තර්ජාල භාණ්ඩ මිලදීගැනීමේදී ප්‍රවේශම් වන්න – පොලිසිය අනතුරු ඇඟවීමක්