නොමිලේම ඔයාට යන්න පුලුවන් - මෙරට ප්‍රවාහය ක්ෂේත්‍රයේ වුණ අලුත්ම වෙනස.. හැබැයි මෙන්න මෙහෙමයි..

Report

පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

නොමිලේම ඔයාට යන්න පුලුවන් - මෙරට ප්‍රවාහය ක්ෂේත්‍රයේ වුණ අලුත්ම වෙනස.. හැබැයි මෙන්න මෙහෙමයි.. | Free Special Train Service Without Charge

ඒ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ මහව – අනුරාධපුර ප්‍රදේශය අතර වැඩකටයුතු අවසන් වී නොමැත.

ඒ හේතුවෙන් මෙවර පොසොන් සමයට දුම්රිය සේවා යෙදවීමට නොහැකි වී ඇති බැවින්, ඒ වෙනුවට විශේෂ බස්රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට කටයුතු කරන බව ද සඳහන් වේ.

කෙසේවෙතත්, අනුරාධපුර සිට මිහින්තලය දක්වා නව කෙටි දුර දුම්රිය මාර්ගයක් ඉදිකර ඇත.

ඒ අනුව මිහින්තලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කිරීමට කටයුතු යොදන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, කොළඹ සිට මහව දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් හට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වේ.