අලුත්කඩේ අධිකරණය ඇතුළේ යකා නටපු එකම පවුලේ සිව්දෙනාට ඇප

Report

කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී කලහකාරී ආකාරයට හැසිරීම හා කෙසෙල්වත්ත පොලිසිය තුළදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන සැකකරුවන් සිව් දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (4) දින නියෝග කර තිබෙනවා.

ඒ එක් සැකකරුවකුට ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ මවක්, පියා ඇතුලු එකම පවුලේ සිව් දෙනෙක් බව සඳහන්.

පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සිව්දෙනා අධිකරණ හමුවේ පැවති නඩත්තු නඩු කටයුත්තකක් වෙනුවෙන් පෙනී සිටීමට පැමිණී අවස්ථාවේදී ඇති වූ බහින්බස්විමක් දුර දිග ගොස් ඔවුන් මෙසේ කලහකාරී ආකාරයට හැසිරී පහරදීම් සිදුකර ඇති බවයි.

ඕනෙ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා වුණත් උත්තර දෙන්නම් - හර්ෂට කට උත්තර නැති වෙන්න මහ බැංකු අධිපති කියයි

ඕනෙ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා වුණත් උත්තර දෙන්නම් - හර්ෂට කට උත්තර නැති වෙන්න මහ බැංකු අධිපති කියයි

අනතුරුව සැකකරුවන් සිව් දෙනා කෙසෙල්වත්ත පොලිසියට කැඳවා සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්නා විටදී ඔවුන් උස්හඬින් කෑගසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරීම හා කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා දෙක යටතේ මෙම සැකකරුවන්ට චෝදනා ගොනුකර තිබුණා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග ක‍ර තිබුණා.

රඳවා සිටින සැකකරුගේ බිරිඳට පොලිස් සැරයෙන් නිතර නිතර කෝල් කරලා විස්තර කියලා

රඳවා සිටින සැකකරුගේ බිරිඳට පොලිස් සැරයෙන් නිතර නිතර කෝල් කරලා විස්තර කියලා

පොලිසියේ ලොකු පුටු විසි නමයකට වහාම ස්ථාන මාරු

පොලිසියේ ලොකු පුටු විසි නමයකට වහාම ස්ථාන මාරු