ඕනෙ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා වුණත් උත්තර දෙන්නම් - හර්ෂට කට උත්තර නැති වෙන්න මහ බැංකු අධිපති කියයි

Report

ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ප්‍රමාද වන්නේ නම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදිය හැකි බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු මෙසේ පැවසුවේ මහ බැංකු නිලධාරීන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින්,

මෛත්‍රීපාල සිරිසේන එක්ක බැසිල් රාජපක්ෂත් මාට්ටුද?

මෛත්‍රීපාල සිරිසේන එක්ක බැසිල් රාජපක්ෂත් මාට්ටුද?

"මහ බැංකු අධිපතිතුමනි, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු ප්‍රශ්නයක් යොමුකළ විට මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, උදාහරණයක් විදිහට උද්ධමනය හෝ විනිමය අනුපාත පිළිබඳව සාමාන්‍යයෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ ? මක්නිසාදයත් පාර්ලිමේන්තුව තුළ මහ බැංකුවේ නියෝජනයක් නැහැ." යනුවෙන් කියා සිටියා.

එයට පිළිතුරු වශයෙන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

පොලිස් ආරක්ෂාව ඕන වෙලා තියෙන්නේ පාතාලෙ එක්කයි මත්ද්‍රව්‍ය එක්කයි කිට්ටු සම්බන්ධතා තියෙන අයට - ටී.බී

පොලිස් ආරක්ෂාව ඕන වෙලා තියෙන්නේ පාතාලෙ එක්කයි මත්ද්‍රව්‍ය එක්කයි කිට්ටු සම්බන්ධතා තියෙන අයට - ටී.බී

"මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් යොමුකළ විට එය ඍජුවම යොමුවන්නේ මුදල් අමාත්‍යවරයාට. එවිට ඔවුන් ඒ සඳහා සමහර අවස්ථාවලදී අප සමග සම්බන්ධ වනවා. අදාළ ප්‍රශ්නයට පිළිතුර හෙට දිනයේදී අවශ්‍යනම් අපිට එය ලැබෙන්නේ අද. අපි කෙසේ හෝ එම පිළිතුරු ලබාදීමට පියවර ගන්නවා. අනතුරුව එය යොමුකරනවා මුදල් අමාත්‍යවරයාට. එයයි ක්‍රමවේදය. මට සහතික වෙන්න පුළුවන් මුදල් අමාත්‍යවරයා හරහා මහ බැංකුවට ලැබෙන සියලුම ප්‍රශ්නවලට අපි පිළිතුරු යොමුකරනවා නියමිත වේලාවට. නමුත් එය ක්‍රියාවලිය නිසි වේලාවට සිදුවන්නේ නැහැ. ඇතැම් ප්‍රශ්න මහ බැංකුවට පමණක් අදාළ වන්නේ නැහැ. එම ප්‍රශ්න මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට අදාළ වනවා. මුදල් අමාත්‍යවරයා ඒ සියලු ආයතනවලින් ලබාගන්නා පිළිතුරු එකතු කර, වාර්තාවක් සම්පාදනය කර අදාළ අමාත්‍යවරයාට ලබා දෙනවා. අපිට ආරාධනා කරනවානම් අපිට ප්‍රශ්නයක් නැහැ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පිළිතුරු සැපයීමට." යනුවෙන් පැවසුවා.

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්