ඇත් දළ සමඟ හිටපු හමුදා සෙබළෙක් අත්අඩංගුවට

Report

මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මොරගොඩ හල්මිල්ලකුලම ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදී ඇත් දළ යුගලයක් සන්තකයේ තබාගෙන සිටි විශ්‍රාමික යුධ හමුදා සෙබලකු එම ඇත් දළ යුගල සමඟ ඊයේ (14) දින අත්අඩංගුවට ගත් බව මොරගොඩ පවසයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකාර විශ්‍රාමික යුධ හමුදා සෙබලා නාමල්පුර, හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු බව ද සඳහන් වෙයි මොරගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව ස්ථානාධීපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මොරගොඩ පොලිස් වසමේ හල්මිල්ලෑව ප්‍රදේශයේදි සිදුකළ මෙහයුමකදී එම ඇත් දළ යුගලය සොයා ගැනිමට හැකිව තිබේ.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

හල්මිල්ලෑව ප්‍රදේශයේ දී සැකකරු විසින් පවත්වාගෙන යනු ලබන හේන් බිමක රොඩු ගොඩක් යට ඉතා සුක්ෂම ලෙස සඟවා තිබියදී එම ඇත් දළ යුගලය සොයා ගෙන ඇති අතර, එම ඇත් දළ යුගලය අඩියක් පමණ දිගකින් යුක්ත වන බව පොලිසිය පවසයි. පොලිස් අත්අඩංගුවට ගෙන ඇති ඇත් දළ යුගලය හා සැකකරු අද (15) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

ඇඹිලිපිටියේ සුරංග හෙළි කළ හම්බන්තොට අයිස් නිෂ්පාදනාගාරය නිවාඩු නිකේතනයක් ඇතුලේ

ඇඹිලිපිටියේ සුරංග හෙළි කළ හම්බන්තොට අයිස් නිෂ්පාදනාගාරය නිවාඩු නිකේතනයක් ඇතුලේ