ප්‍රධාන පෙළේ රෝහල් ළඟ ෆාමසිවල බාල ඖෂධ, ගහලා තියෙන ලේබල් පවා බොරු - චමල් සංජීව

Report

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ නොමැති ඇතැම් ඖෂධ පෞද්ගලික අංශයේ වෙළඳ සැල් තුළ අඩු මිල ගණන්වලට ලබාගත හැකි තත්ත්වයක් පවතින නමුත් එම බොහෝ ඖෂධවල පැවතිය යුතු නියමිත රසායනික සංඝටක පවා නොමැති බවට සැක වාර්තා වන බව ප්‍රකාශ කරයි.

එමෙන්ම ඇතැම් විටදී මෙම ඖෂධ නිෂ්පාදනය කළ බවට එම ලේබලවල සඳහන් වන අන්දමේ සමාගම් පවා එම රටවල් නොමැති බවද ඔහු තව දුරටත් සඳහන් කර තිබෙනවා.

තවද ඔහු චෝදනා කර සිටින්නේ මෙම ඖෂධ ඉතා අඩු මිල ගණන්වලට හෝ ඉතා වැඩි මිල ගණන්වලට ප්‍රධාන පෙළේ රෝහල් අසල ෆාමසිවල අලෙවි කරන බවයි.

එබැවින් මේ පිළිබඳව නිසි නියාමනයක් සිදුවිය යුතු බවට තමන් අවස්ථා ගණනාවක් පෙන්වා දුන් නමුත් ඒ සම්බන්ධව මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර නැති බවද ඔහු කියයි.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පැපාවරීන් නම් ඖෂධය සාමාන්‍යයෙන් රජය මිලදී ගැනීමේදී රුපියල් පනස් දහසකට අධික මිලකට මිලදී ගැනීමට සිදුවන අතර එම ඖෂධයම රුපියල් 300කට ආසන්න ප්‍රමාණයකට බාහිර ඔසුහල්වල පවතින බව පසුගිය කාලයේදී වාර්තා වූ බවයි.

මෙම ඇතැම් ඖෂධවල කිසිදු රසායනික ප්‍රමිතියක් නොමැති බව මෙන්ම එම සමාගම් ඉන්දියාව තුළ දැනට ක්‍රියාත්මක නොවන බව හෙළි වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

මෙවැනි පසුබිමක ඉතා අඩු මිල ගණන්වලට වෙළඳපොළේ ඖෂධ පවතින බවට වැරදි මතයක් ජනගත වන බවත් මෙසේ ඉතා අඩු මිල ගණන්වලට පවතින ඖෂධ හදිසි වැටලීම් ඔස්සේ නිසි පරිදි විද්‍යාත්මක නීරක්ෂණයන්ට ලක් නොකළහොත් ඖෂධ භාවිතා කරන රෝගීන්ට සංකූලතා මතුවීමේ දැඩි අවධානමක් පවතින බවද වෛද්‍යවරයා අවධාරණය කළා. 

අද ඉඳලා විදුලිය බිඳ වැටුනොත් කරන්න දෙයක් නෑ, ලංවීමෙන් රටටම අනතුරු ඇඟවීමක්

අද ඉඳලා විදුලිය බිඳ වැටුනොත් කරන්න දෙයක් නෑ, ලංවීමෙන් රටටම අනතුරු ඇඟවීමක්

කෙහෙළියගේ පුත් රමිතගේ දේපල ලැයිස්තුව මෙන්න- මාස 21දී කෝටි 27ක් උපයලා,ස්ථාවර තැන්පතු 4ක්

කෙහෙළියගේ පුත් රමිතගේ දේපල ලැයිස්තුව මෙන්න- මාස 21දී කෝටි 27ක් උපයලා,ස්ථාවර තැන්පතු 4ක්