''විජේරාමයේ නිල නිවස ලක්ෂ 46ක කුලියට දී පෙන්වන්න'' ජානක වක්කුඹුරගෙන් අභියෝගයක්
පසුගියදා හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත යටතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට විජයරාමයේ ලබා දී තිබුණු නිල නිවස ආණ්ඩුව වෙත භාරදීම සිදුවිය.
මේ අවස්ථාව සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අදහස් ඉදිරිපත් කර තිබුණු අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී තිබූ විජේරාම මාවතේ පිහිටි නිල නිවස ආණ්ඩුව පැවසූ පරිදි රුපියල් ලක්ෂ 46 කට කුලියට දී පෙන්වන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊයේත් (14) තංගල්ල කාල්ටන් නිවස වෙත පැමිණියා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ද මෙම පිරිස අතර වුණා.