මාදුරුඔය හෙලිකෝප්ටර් අනතුර ගැන අධිකරණයෙන් තීන්දුවක්
හය දෙනකුට මරු කැන්දමින් සිදු වූ මාදුරු ඔය හෙලිකොප්ටර් අනතුර පිළිබඳව සහ එම යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් හය දෙනාගේ මරණ වලට හේතුව පිළිබඳව අධිකරණය තීන්දුවක් දී ඇත.
ඒ අනුව මෙම හයදෙනාම දියේ ගෙලීමෙන් මරණයට පත් වූ බව අධිකරණය තීරණය කර තිබේ.
දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල විසින් මෙම තීන්දුව ලබාදුන්නේ මෙම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටීfමිදී යම් අපරාධමය වරදක් සිදුව ඇද්ද යන්න විමර්ශනය කර බලා අධිකණයට දැනුම් දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා මීට පෙර දෙහිඅත්තකන්ඩිය පොලිසියට නියෝග කිරීමත් සමඟයි.
මාදුරුඔය ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකා පුහුණු කදවුරේ පැවති විසිර යාමේ උත්සවකට සමගාමිව පැවති නිදර්ශන චාරිකාවක නිරතව පියාසර කරමින් හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ගුවන් සහ යුධ හමුදා විශේෂ බලකා සාමාජිකයන් හය දෙනෙකු ජීවිතක්ෂට පත්වුණේ පසුගිය මැයි මාසයේයි.