පාපන්දු තරඟයක් අතරතුර සියලු ක්‍රීඩකයන් පිටියේ හඬා වැළපෙයි - මෙන්න හේතුව

Report

පාපන්ඳු තරඟයක් අතරතුරේදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කළමනාකරුවෙකු මිය යාමේ ඛේදනීය සිදුවීමක් සයිබීරියාවෙන් වාර්තාවේ.

මෙසේ මියගිය පුද්ගලයා ම්ලැඩන් සිසොවිච් වන අතර ඔහුට වයස අවුරුදු 44කි. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන අතර ඔහු මිය යාමට පැය කීපයකට කලින් තමන් දිවාහාරයට ගත් මාළු සම්බන්ධයෙන් යම්කිසි අවුලක් ඇති බවට පැමිණිලි කර තිබේ. කෙසේ නමුත් ඔහු රෝහල්ගත කර පසුව ජීවිතක්ෂයට පත්වී තිබේ.

පාපන්දු තරඟයක් අතරතුර සියලු ක්‍රීඩකයන් පිටියේ හඬා වැළපෙයි - මෙන්න හේතුව | Football Match Halted After Players Collapse

මෙම අවාසනාවන්ත පුවත ඇසූ සැණින් ක්‍රීඩකයන් ඉතා සංවේගයෙන් හඬා වැලපෙමින් පිටියේදී තම ශෝකය පළ කළ අයුරු ඡායාරූප ලෙස අන්තර්ජාලයට එකතු වී ඇත. මෙසේ මියගිය පුද්ගලයා ඔක්තෝබර් 23 වැනි දින රැස්නිකි - 1923 ක්‍රීඩා සමාජයේ කළමනාකරු ලෙස පත්වීම් ලැබීමෙන් අනතුරුව ඔහු මෙහෙය වූ තුන්වෙනි තරගය ලෙසයි මෙය සඳහන් වන්නේ.

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

ක්‍රීඩකයන් සඳහන් කරනුයේ තමන් තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තමන් ලද ත්‍යාග කළමනාකරුට පිරිනැමීමට බලාපොරොත්තු වුණ නමුත් අවසානයේ හදිසියේම ඔහු පිළිබඳ මෙවන් ආරංචියක් ලද විගස සියලු දේ උඩු යටිකුරු වූ බවයි.

ගුවන් යානයක් කඩා වැටී තිදෙනෙක් මරුට 11ට තුවාල - සියලුම ගුවන් ගමනුත් අත්හිටුවයි

ගුවන් යානයක් කඩා වැටී තිදෙනෙක් මරුට 11ට තුවාල - සියලුම ගුවන් ගමනුත් අත්හිටුවයි

කෙසේ නමුත් ඔහු වෙනුවෙන් ශෝකය පළ කිරීමට මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සතියක කාලයක් නිවාඩු ලබා දී ඇති බවට වාර්තාවේ.එමෙන්ම පැවතීමට නියමිතව තිබූ තරඟයද කල් දමා ඇතිඇති බවට වාර්තාවේ. මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා දින සිදු කිරීමට නියමිතය.

සිංහයෙක් වගේ හිටපු තිස්සට මොකක්ද මේ වුණේ? දැඩි සත්කාරේ ලෙඩ ඇදේ

සිංහයෙක් වගේ හිටපු තිස්සට මොකක්ද මේ වුණේ? දැඩි සත්කාරේ ලෙඩ ඇදේ