ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මේ ගැන දැඩිව සැලකිලිමත් වන්න..?
පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග දැන් දින ගණනාවක සිට විවිධ ප්‍රදේශවලින් හමුවන අතර එවැනි ආහාර භාවිතා කිරීම මගින් ඉතා භයානක රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. ඇතැම් ආහාර ද්‍රව්‍ය ස්වභාවය වෙනස් නොවී තිබුණද පරිභෝජනයට නුසුදුසු ඒවා විය හැක.
විවිධ පළාත් වලින් සොයා ගැනුණු පරිභෝජනයට නුසුදුසු ආහාර පිළිබඳ සලකා බලමු...
කසළ තේ කිලෝ 8155ක් ලොරි රථයකින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු බැලුම්මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදි යි මෙම කසළ තේ තොගය සොයා ගැනුණේ.
බලපත්‍ර නොමැතිව මෙම කසළ තේ තොගය ප්‍රවාහනය කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 සහ 43 යන වයස්වල පසු වෙන ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මේ අතර,මිනිස් පරිභෝජනයට නුසුදුසු සියඹලා කිලෝ 27,000ක පමණ ප්‍රමාණයක් අනුරාධපුර - මරදන්කඩවල ප්‍රදේශයේ ගබඩා කර තිබිය දී සොයාගෙන තිබෙනවා.
කැකිරාව යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි මෙම සියඹලා තොගය නිවෙස් දෙකක සහ ගබඩා දෙකක තිබිය දී සොයාගෙන ඇත්තේ. ඒ අනුව අදාළ ගබඩා මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකුට එරෙහි ව නීතිමය පියවර ගැනීමට නියමිත යි.
එමෙන්ම, කොරෝනා වෛරසය සුව වන බවට පවසමින් මතුගම - 04 කණුව ප්‍රදේශයේ කුළුබඩු නිෂ්පාදනය කරන ස්ථානයක නිපදවනු ලැබූ ඖෂධයක් පිළිබදව තොරතුරු වාර්තා වුණා.
මුල් අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාවට සහ කොරෝනා ආසාදිත පුද්ගලයින්ට මෙය නොමිලේ ලබාදී ඇති අතර පසුව මෙම ඖෂධය රුපියල් 3750ක මුදලකට අලෙවි කර ඇති බවටයි වාර්තා වන්නේ.
වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධන ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.
ඒ, සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (17) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර,දැනට සහල් සඳහා පනවා ඇති පාලන මිල නැවත සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත. නමුත් එහිදී කැකුලු සහ නාඩු සහල් පාලන මිල සංශෝධනය නොකිරීමටත් සම්බා හා කීරි සම්බා මිල සංශෝධනය කිරීමටත් සලකා බලමින් සිටී.
ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 103 සිට 120 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති අතර කීරි සම්බා කිලෝවක් 125 සිට 145 දක්වා ද වැඩි කිරීමට යෝජනා වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |