ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත්.

Sri Lanka Department of Meteorology TN Weather Weather Floods In Sri Lanka
By Hashini Oct 02, 2023 05:33 AM GMT
Hashini

Hashini

Report

ගංගා කිහිපයක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ නිල්වලා, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාවට දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ අදාළ ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාවට හා එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල සහ අතුරුමාර්ගවල ගමන්ගන්නා රියදුරන්ට වඩාත් සැලකිලිමත් වෙන ලෙසයි.

එමෙන්ම පසුගිය පැය 24 තුළ එම ගංගා ආශ්‍රිතව වැසි තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද වාර්තා වෙනවා.

මේ අතර කැලණි ගංගාවේ ජල ගලනය තවදුරටත් පවතින අතර අවිස්සාවේල්ල පහළ ප්‍රදේශයේ කැලණි ගඟේ යම් යම් ස්ථාන පිටාර ගලා ඇති බව ද වාර්තා වෙනවා. 

කාලගුණයෙන් දිස්ත්‍රික් 04කට රතු එළියක්..

කාලගුණයෙන් දිස්ත්‍රික් 04කට රතු එළියක්..


ReeCha