මේ ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් ඉන්න..ගංගා කිහිපයක්ම ගං වතුර මට්ටමේ..

Climate Change TN Weather Weather Floods In Sri Lanka Latest Headlines
By Sewvandhi Oct 11, 2024 03:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා කිහිපයක ජලමට්ටම් ඉහළගොස් ඇතිබවයි.

ඒ අනුව මේවනවිට කළු,කැලණි ගිං,නිල්වලා සහ අත්තනගලු ඔයේ ජලමට්ටම් ඉහළගොස් තිබේ.

  • කැලණි ගඟ කිතුල්ගල සහ දැරණියගල ප්‍රදේශයෙන් අවදානම් මට්ටමේ පවතින අතර හොලොම්බුව ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.
  • කළු ගඟ පුටුපවුල සහ මගුර ප්‍රදේශයෙන් අවධානම් මට්ටම ඉක්මවා ගොස් ඇති අතර මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.
  • ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් අවධානම් මට්ටම ඉක්මවා ගොස් තිබේ.
  • නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් අවධානම් මට්ටම ඉක්මවා පවතින අතර
  • අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇතිබව

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු එස්.පී.සී.සුගීශ්වර මහතා පැවසීය.

තවදුරටත් එම ගංගා වල ජලමට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.