මේ ප්‍රදේශවල අය දැඩි අවධානයෙන් ඉන්න..අනතුරු ඇඟවීමක්..

Galle Climate Change TN Weather Weather Floods In Sri Lanka
By Sewvandhi Oct 07, 2024 03:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉන්ජිනේරු කාර්‍යාලය පවසන්නේ, පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයට හා ගිං ගගෙ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන මහා වැසි හේතුවෙන් ගගෙහි ජල මට්ටම මේ වන විට ඉහළ යමින් ඇති බවයි.

අද (07) පස්වරු 06.00 වන විට ගිං ගගෙහි බද්දෙගම ජල මාපකයට අනුව ජල මට්ටම 03.20m දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විටත් ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට වැසි ලැබෙමින් පවතියි.

පහත් බිම් සහ අතුරු ඇළ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

මේ විදිහට දිගටම වර්ෂාව ලැබුණොත් අද රාත්‍රී ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි හැකි බැවින් හැකි තරම් ආරක්ෂිතව සිටින ලෙස ගගන අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. 

ඒ වගේම මෙම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කිසිවෙකුටත් අතුරාන්තරාවක් පීඩාවක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා.

කුඩු ජාවාරමෙකු සමග නයිට් ක්ලබ් ගිය පොලිස් ලොක්කාට නොසිතූ ඉරණමක්

කුඩු ජාවාරමෙකු සමග නයිට් ක්ලබ් ගිය පොලිස් ලොක්කාට නොසිතූ ඉරණමක්

මේ අතර, ගාල්ල, මාතර, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදාලව නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම එම සංවිධානය සඳහන් කරන්නේ, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවටයි.