කුඩු ජාවාරමෙකු සමග නයිට් ක්ලබ් ගිය පොලිස් ලොක්කාට නොසිතූ ඉරණමක්

Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By Sewvandhi Oct 07, 2024 11:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කිසියම් පිරිසක් විසින් ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි පැවසෙන පුද්ගලයකු සමග බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට ගිය උප පොලිස් පරීක්ෂකයෙකුවට පහර දී තිබේ.

මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

මෙම නිලධාරියා බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවට ගිය අවස්ථාවේ ඒ අසල රැඳී සිටි පිරිසක් සමඟ ඇති වූ ආරවුලකින් පසු මෙසේ පහර කෑමකට ලක්ව තිබේ.

ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් තුවාල වලට ප්‍රතිකාර ලබා පොලිස් තනිකඩ බට නිවාසයට පැමිණ තිබේ.

තුවාල වලට හේතුව ලෙස ඔහු ස්ථානාධිපති වෙත සඳහන් කර ඇත්තේ යතුරු පැදිය පෙරළී ගොස් සිදු වූ අනතුරක් බවය.