භාගෙට ඉදි කළ වේල්ලක ආරක්ෂිත බැම්මක් කඩා වැටීමෙන් හදිසි ගංවතුරක් - පාකිස්ථානය කැළඹෙයි

Report

පාකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ අර්ධ ලෙස ඉදිකරන ලද ටර්බෙලා වේල්ල T-5 ජල විදුලි ව්‍යාපෘතියේ ආරක්ෂිත බාධකයක් කඩා වැටීමෙන් ගංවතුරක් ඇති වූ බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙහිදී සියලුම සේවකයින් ආරක්ෂිතව ඉවත් කරන ලද බව ජල හා විදුලිබල සංවර්ධන අධිකාරිය (WAPDA) පවසයි.

සම්බන්ධක උමගෙහි දෙවන බංකුව කැණීමේදී දුර්වල පාෂාණ ස්කන්ධයක් කඩා වැටුණු බවත්, එමඟින් ජලාපවහන වළෙන් ජලය උමඟට සහ බලාගාර ප්‍රදේශයට ගලා යාමට ඉඩ සැලසුණු බවත් අධිකාරිය සඳහන් කරයි.

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

එසේම කිසිදු තුවාලයක් හෝ මරණයක් වාර්තා වී නොමැති බව සඳහන්. ජල හා විදුලිබල සංවර්ධන අධිකාරිය පැවසුවේ ජලාපවහන වළ සම්පූර්ණයෙන්ම ජලය බැස ගොස් ඇති බවත්, තවදුරටත් ජලය පහළට ගලා යන වැඩ කරන ස්ථානවලට ඇතුළු නොවන බවත්ය.

එමෙන්ම ඉදිවෙමින් පවතින බලාගාරයේ ජලය ඉවත් කිරීම ද ආරම්භ කර තිබෙනවා.

ටාර්බෙලා 5 වන ව්‍යාපෘතියේ ප්‍රධාන උමග කඩා වැටී ඇති බවට වාර්තා ප්‍රතික්ෂේප කළ අධිකාරිය, ප්‍රධාන උමග, ඉදිවෙමින් පවතින බලාගාරය, ටේල්රේස් බෝක්කුව සහ ස්විච්යාඩ් යන ඒවාට කිසිදු හානියක් සිදුවී නොමැති බව ද ප්‍රකාශ කර ඇත.   

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්