ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට රජය කරන්න යන දේ - අගමැතිනියගෙන් ප්‍රකාශයක්
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ උසස්ම තත්ත්වයේ අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත්කරන බවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.
ඒ අනුව ඇය සඳහන් කරන්නේ විද්‍යා පීඨවල විෂය මාලා යාවත්කාලීන කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ විවෘත පදනම මත තෝරාගත් නව ගුරු අධ්‍යාපනඥ නිලධාරීන් 246 දෙනෙකු රාජ්‍ය සේවයට එක්කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්.
සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්
2020 වසරේ පැවැත්වූ විභාගයෙන් තේරී පත්වූ මෙම පත්වීම් සෞඛ්‍ය හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය නිසා අත්හිටුවා තිබුණ බව සඳහන්.
ඒ අනුව එසේ නතර කර තිබූ 246 දෙනෙකුට මෙසේ පත්වීම් ප්‍රදානය කෙරුණ බව වාර්තා වේ.
එමෙන්ම මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියා.