ග්‍රීසියේ මහ මුහුද කැළඹෙයි - මළ සිරුරු 14ක් මතු වෙද්දි 18 ක් පණ බේර ගනියි
ග්‍රීසියේ ක්‍රීට් දූපත ආසන්න මුහුදේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් අවම ලෙස පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එසේම සුඩාන ජාතිකයන් වන පුද්ගලයින් 18 දෙනෙකු මුහුදු ආරක්ෂක බලකාය විසින් බේරා ගෙන ඇති බව ද සඳහන්.
ඉන් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඒ අතර කුඩා දරුවෙකු ද සිටියි.
කෙසේ වෙතත් මෙම මරණවලට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙම බෝට්ටුව දින ගණනාවක් මුහුදේ රැඳී තිබෙන්නට ඇති බවත්, දැඩි සුළං තත්ත්වය නිසා ගොඩබිමට ළඟා වීමට අපහසුතාවයට පත්වන්නට ඇති බවත් බලධාරීන් විශ්වාස කරයි.
සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්
මෙම ක්‍රීට් දූපත මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ සිට යුරෝපයට ළඟා වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සඳහා පවතින ප්‍රධාන දොරටු කිහිපයෙන් එකක් වශයෙන් පවතියි.
එසේම මේ දක්වා මේ වසරේ මුහුදු මාර්ගයෙන් පැමිණි සංක්‍රමණිකයන් 86,400 දෙනාගෙන් 22,000 කට අධික පිරිසක් පැමිණ ඇත්තේ ක්‍රීට් දූපත වෙතයි.
කෙසේ වෙතත් ක්‍රීට් දූපතේ වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 15ක් (කිලෝමීටර් 28ක්) පමණ දුරින්, මොරොක්කෝ ධජය සහිත බහාලුම් නෞකාවක් මඟින් මෙම සංක්‍රමණික බෝට්ටුව දැක ගැනීමට හැකිව තිබෙනවා.
පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්
ඊට අමතරව, සඳුදා දිනයේදී ග්‍රීක වෙරළ තීරයේ සිදුවූ වෙනත් සිදුවීම් තුනකදී, ග්‍රීක මුහුදු ආරක්ෂක බලකාය විසින් තවත් පුද්ගලයින් 187 දෙනෙකු බේරා ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා සංක්‍රමණිකයන් 37,000 කට අධික පිරිසක් ග්‍රීසියට පැමිණ ඇති අතර මෙය ඉකුත් වසරේ (2025) මුළු කාලය තුළම පැමිණි සංක්‍රමණික සංඛ්‍යාවට වඩා වැඩි අගයක් වේ.