ගුවන් සේවිකාවකට ගුවනේදී ලිංගික කරදර කෙරූ කපිතාන්

Sexual harassment Law and Order Sinhala news
By Mithu May 30, 2025 12:09 AM GMT
Mithu

Mithu

Report

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක සේවයේ නිරත වී සිටි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට උඩු ගුවනේදී අධික බීමතින් ලිංගික අතවර කරන ලදැයි අත්අඩංගුවට ගත් නැවක කපිතාන්වරයකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (29 වැනිදා) නියෝග කළේය.

රටම ආදරේ තරින්දිට ආදරේ කරන වාසනාවන්තයා කවුද? මෙන්න

රටම ආදරේ තරින්දිට ආදරේ කරන වාසනාවන්තයා කවුද? මෙන්න

නැවක කපිතාන්වරයකු ලෙස කටයුතු කරන සැකකරු ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ඊ.කේ. 650 දරන එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් පැමිණෙමින් සිටින අතරතුරදී අධික ලෙස බීමත්ව එම ගුවන් යානයේ සේවය කරමින් සිටි 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ගුවන් සේවිකාවකට උඩු ගුවනේදී ලිංගික අතවර කර ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙම සිද්ධිය පිළිබඳව අදාළ ගුවන් සේවිකාව වහාම ගුවන් යානයේ නියමුවා දැනුවත් කර ඇති බව දන්වා සිටි පොලිසිය අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවද අධිකරණයට දන්වා සිටියේය. සැකකරු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත්, එහිදී ඔහු බීමත්ව සිටි බවට කරුණු තහවුරු වූ බවද දන්වා සිටියේය. 

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

ReeCha