අනියම් පෙම නිසා මහ පාරේ සිදු වූ ගුටිබැට හුවමාරුව (VIDEO)

HORANA KOHUWALA CASUAL LOVE AFFIRS COUSINE KALUBOWILA HOSPITAL
By Sewvandhi Jul 28, 2021 10:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොහුවලදී පුද්ගලයෙකුට පහරදී බරපතළ තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙක් කොහුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආයුධ සන්නද්ධ පිරිසක් විසින් මෙම තරුණයාට පහර දී ඇති අතර මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්. හොරණ ප්‍රදේශයේම කාන්තාවක හා ඔහු අතර පැවති අනියම් සබඳතාවක් මේ ගැටුමට හේතු වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අදාළ කාන්තාව සහ මෙම පුද්ගලයා හොරණ සිට කොහුවලට පැමිණ ඇති අතර, කාන්තාවගේ ස්වාමි පුරුෂයා තවත් පිරිසක් සමඟින් ඔහු ලුහුබැඳ පැමිණ මේ පහරදීම සිදුකර ඇති බවටයි වාර්තාවන්නේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පහරදීම සම්බන්ධයෙන් වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයසේ පසුවන පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොහුවල පොලිසිය විසින් ඊයේ(27) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අතර, එකම පවුලේ තිදෙනෙකුද වන බවයි වාර්තා වන්නේ. ඔවුන් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now