භයානක අනතුරක් - වාහන දෙකක් මුහුණට මුහුණ ගැටේ - පහක් රෝහලේ

Report

අද (01) අලුයම 5ට පමණ අනුරාධපුර ගල්කුලම පොලිස් මාර්ග බාධකය ආසන්නයේ දී සිදු වූ රිය අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

තිරප්පනේ පොලීසිය සඳහන් කළේ මොටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි මෙම අනතුර සිදුව ඇති බව සහ අනුරාධපුර නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් නරඹා යළි නිවෙස් බලා එමින් සිටි තරුණයන් සිව්දෙනෙක් ගමන්ගත් මෝටර් රථයක් හා කැලණිය සිට අනුරාධපුර වන්දනා කිරීමට පැමිණි එකම පවුලේ පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් මෙලෙස එකිනෙක ගැටි ඇති බවයි.

කාන්තාවන් වෙනුවෙන් අලුත්ම නීතියක් - අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්වේ

කාන්තාවන් වෙනුවෙන් අලුත්ම නීතියක් - අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්වේ

අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වූ බැවින් අනුරාධපුර සිට පැමිණි මෝටර් රථයට වේගය පාලනය කිරීමට නොහැකිව දකුණු පසින් ධාවනයවීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් අනතුරින් අනුරාධපුර සිට පැමිණි මෝටර් රථයේ රියදුරු ඇතුළු එහි ගමන්ගත් සිව්දෙනා සහ අනෙක් මෝටර් රථයේ ගමන් ගත් එක් අයෙකු මෙලෙස රොහල්ගත කර ඇති බවත් වාර්තා වේ.

මෝටර් රථ දෙකෙහිම ඉදිරිපස කොටස්වලට අනතුරින් බරපතළ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ජනවාරි 31 සිට ආරම්භයි - පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ජනවාරි 31 සිට ආරම්භයි - පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්