ඩෙංගු අවදානම නැවතත් - පළමු මරණය වාර්තා වෙයි

Report

මේ වසරේ (2026) ඩෙංගු වෛරස් ආසාදනයෙන් සිදුවූ පළමු මරණය වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය  පවසයි.

මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 56ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 6,752 දෙනෙකු වාර්තා වී ඇති අතර, මෙය පසුගිය වසරේ (2025) ජනවාරි මාසයේ වාර්තා වූ රෝගීන් 4,970 දෙනෙකුට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමකි.

වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එහි රෝගීන් සංඛ්‍යාව 3,149කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් 1,662ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 983ක්, කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් 524ක් වාර්තා වී ඇත.

පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් මදුරුවන් බෝවීමට හිතකර පරිසරයක් නිර්මාණය වීම රෝගීන් වැඩිවීමට ප්‍රධාන හේතුවක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

අලුත් 2000 නෝට්ටුව පිළිබඳව ලොකු අවුලක් - ජනතාව දැනුවත් කරයි

අලුත් 2000 නෝට්ටුව පිළිබඳව ලොකු අවුලක් - ජනතාව දැනුවත් කරයි

පසුගිය වසරේ (2025) දිවයින පුරා ඩෙංගු රෝගීන් පනස් එක්දහස් පන්සිය පනස් දෙදෙනකු (ආසන්න වශයෙන් 50,000+) වාර්තා වූ අතර, මරණ 24ක් සිදුවිය.

දින තුනකට වඩා උණ රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍යවරයෙකු හමුවීම, රුධිර පරීක්ෂණ කිරීම සහ නිසි ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවයි. ඩෙංගු මර්දනය සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගැනීම, ජල රැස්වීම් ඉවත් කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බවද ඔවුන් පෙන්වා දෙයි.

ස්නැප් චැට්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලාවලට ප්‍රවේශ වීමේ තහනමක්

ස්නැප් චැට්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලාවලට ප්‍රවේශ වීමේ තහනමක්

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න