කම්හලක විශාල ගින්නක් ඇවිලී යයි - සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ද නිකුත් කරයි. (VIDEO)

By krishani Aug 07, 2023 10:12 AM GMT
Report

අද (07) මෙක්සිකෝවේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක විශාල ගින්නක් ඇති වි තිබෙනවා.

ඒ නිව් මෙක්සිකෝවේ ඇල්බකර්ක් හි ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කම්හලකයි.

එම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන භටයින් මහත් උත්සාහ‍යක නිරත වෙමින් සිටින අතර ජිවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

ගින්නෙන් ප්ලාස්ටික් දැවී යාමෙන් ඇති දුමාරයයේ අන්තරායකර වායු දූෂක අඩංගු වන බැවින් ප්‍රාදේශීය නිලධාරීන් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, ගිනිකොනදිග ඇල්බර්ක් සහ දකුණු නිම්නයේ කොටස් වල ජනතාවට එළිමහන් ක්‍රියාකාරකම්වල නොයෙදන ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙනවා.

විඩියෝ දර්ශන - KRQE YouTube Channel