මාතර ප්‍රදේශයේ හදිසි ගින්නක්...දැරියක් මියයි.02ක් බේරා ගැනේ.
මාතර වැලිගම ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් 08 හැවිරිදි දැරියක් මියගොස් තිබෙන බවට වාර්තා වනවා.
පොලිසියට අනුව නිවසේ කාමරයක් තුළ ගින්නක් හටගෙන ඇති අතර, ඒ හේතුවෙන් වහලය එම අවස්ථාවේ නිදා සිටි දැරිය මතට කඩා වැටී ඇති බව සඳහන්.
ඇය ගින්නෙන් මිය ගිය අතර යාබද කාමරයක නිදා සිටි ඇගේ ආච්චි සහ දහතුන් හැවිරිදි සහෝදරිය පිටතට දිව ගොස් දිවි ගලවා ගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා පොලිසිය පැවසීය.
ගින්න මැඩපැවැත්වීම සඳහා මාතර ගිනි නිවන ඒකකය කැඳවා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
නිවසේ ගෑස් සිලින්ඩරයට, ගෑස් කුකරයට හෝ වෙනත් උපකරණයකට කිසිදු හානියක් සිදුවී නොමැති බවත්, සතියක සිට ගෑස් සිලින්ඩරය හිස්ව තිබූ බවත්, නිවැසියන් විසින් නව ගෑස් සිලින්ඩරයක් මිලදී ගෙන නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |