දඩ මුදල් වල වෙනසක්..විශාල ඉහළ දැමීමක්..?

fine lasantha alagiyavanna
By Sewvandhi Sep 18, 2021 03:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධන ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ඒ, සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (17) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර,දැනට සහල් සඳහා පනවා ඇති පාලන මිල නැවත සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

නමුත් එහිදී කැකුලු සහ නාඩු සහල් පාලන මිල සංශෝධනය නොකිරීමටත් සම්බා හා කීරි සම්බා මිල සංශෝධනය කිරීමටත් සලකා බලමින් සිටී.

ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 103 සිට 120 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති අතර කීරි සම්බා කිලෝවක් 125 සිට 145 දක්වා ද වැඩි කිරීමට යෝජනා වී තිබේ.

-------------------------------------------

යුධ හමුදාපති සිදුකළ විශේෂ ප්‍රකාෂය.-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha