රට පුරා පවුල් ලක්‍ෂ 20කට ජූලි 01 වනදා සිට ලැබෙන විශේෂ සහනය මෙන්න..

Central Bank of Sri Lanka Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka Economy of Sri Lanka
By Aruna Apr 30, 2023 02:30 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි වසර 25 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය , සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ජනාධිපති වෘත්තීය සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ, ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බවයි.

ඒ අනුව, ඉතිහාසය පිළිබඳ, ආර්ථික විද්‍යාව සහ වෙළඳ, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආයතන පිහිටුවීමටයි රජයේ අවධානය යොමු වී ඇත්තේ. ඊට අමතරව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ප්‍රතිපත්ති, කෘෂි තාක්ෂණ සහ දේශගුණික විපර්යාස පිළිබඳ මෙන්ම ක්‍රීඩා වෙනුවෙන් විශ්ව විද්‍යාල ආරම්භ කිරීමටද නියමිතව ඇත.

මේ අතර කාන්තා පනත පිළිබඳ ජාතික කොමිෂන් සභාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත, කාන්තා සවිබල ගැන්වීමේ පනත වෙනුවෙන් නව නීති හඳුන්වා දිමටද නියමිත බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

එමෙන්ම, දේශගුණික විපර්යාස පිළිබඳ පනත සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභා පනත , වනාන්තර ප්‍රතිරෝපණ සහ වෘක්ෂලතා පනත සඳහාද නව නීති හඳුන්වා දීමට නියමිතයි.

මේ අතර ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූ ලක්ෂ 05 ක් පමණ වන පිරිසකට හා දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව සිටින පිරිස් ඇතුළු, පවුල් ලක්ෂ 20 ක් වෙනුවෙන් ජූලි මස 01වන දා සිට මූල්‍යාධාර ලබාදිමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමටද නියමිතව තිබේ.

තරුණ කාන්තා ව්‍යවසායකයන් දිරි ගැන්වීම සදහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් යටතේ පළමු අදියරේදී දහසක පිරිසක් බලැගන්වීම සදහා ප්‍රාදේශිය සංවර්ධන බැංකුව මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය යෝජනා ක්‍රම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද නියමිතව ඇත.

ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් සියයට 95ක් දක්වා ඉහළ ගිය ආහාර ඛාණ්ඩයේ උද්ධමනය සියයට 54 ක් දක්වා පහළ ගියා.

එහි ප්‍රතිලාභ වැඩකරන පන්තියටද හිමි වී ඇති බවයි ජනාධිපති වෘත්තීය සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now