සා පෙළ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර ගැන අවසන් තීරණය. - ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

Ministry of Education A D Susil Premajayantha G.C.E. (O/L) Examination
By Wayomi May 13, 2024 07:00 AM GMT
Wayomi

Wayomi

Report

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී කතාබහට ලක් වුනා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් ඉදිරිපත් කළ පැනයත් සමඟයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් වට්ස්ඇප් සමූහයට දැමූ ගුරුවරයා අල්ලා ගනී..

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් වට්ස්ඇප් සමූහයට දැමූ ගුරුවරයා අල්ලා ගනී..


එහිදී එම පැනයට පිළිතුරු ලබාදෙමින් කියාසිටියේ, එම ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බවත්, විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසු පිරිස රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින් සිටින බවත්ය.

විවාද සහ යෝජනා රැසක් සමඟ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූයේ මෙලෙසින්. (LIVE VIDEO)

විවාද සහ යෝජනා රැසක් සමඟ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූයේ මෙලෙසින්. (LIVE VIDEO)


මෙහිදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,

"විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් සහ බහුවරණ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇති වූ වේලාවේ සිට ඒ ප්‍රශ්නපත්‍රය සකස් කළ අය රැස්වෙලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විභාග කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළා. සාමාන්‍යයෙන් වෙන්නේ ඕනෑම විභාගයක දී සාම්පල් මාර්ක් එකක් කරනවා. එතැනින් පස්සේ බරතැබීම සම්බන්ධයෙන් වෙනස්කම් කරනවා. ඒ නිසා දරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයට මාර්කින් ස්කීම් එක සකස් කිරීමට ඒ පැනල් එක කටයුතු කිරීමට නියමිතයි." 




ReeCha