සඟවා තිබූ සහන පොහොර මිටි දහසකට අධික ප්‍රමාණයක් එලියට

sri lanka Fertilizers
By Sithumi Jun 25, 2021 02:07 PM GMT
Sithumi

Sithumi

Report

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ටන්ගේ ඇස් වසා මස් ප්‍රවාහනය කරන ශීතකරණ ලොරියක පොහොර සැඟවුණු අපූරු සිද්ධියක් හෙළිදරව් කර කරගැනීමට මාතලේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාලධාරීන් කණ්ඩායමකට පොසොන් පොහෝ දා පස්වරුවේ හැකිවී තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් හෙට්ටිපොළ මාරක ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයාපාරිකයෙකු විසින් ඉතා සූක්ෂම ලෙස රජය හා ගොවින් අපහසුතාවයට පත් කරන ආකාරයෙන් විශාල පොහොර තොගයක් සගවා අලෙවි කිරීම්කින් තොරව ගබඩා කොට ඉතා සීමිත ප්‍රමාණයක් වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත මාතලේ දිස්ත්‍රික් ලේකම් වරයාගේ උපදෙස් පරිදි මාතලේ පාරිභෝගික නිලධාරීන් කණ්ඩායමක් වැටලීම්ක් සිදු කරන්නට විය.

එහිදී රජයේ සහනාධාර පොහොර මිටි දහසකට ආසන්න ප්‍රමාණයක් ගබඩාවක සඟවා තිබියදී අනාවරණය කර ගැනීමට හැකි වූ බව මාතලේ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණු කුමාර ප්‍රකාශ කළා.

මෙසේ සොයාගත් සඟවා තිබූ පොහොර මිටි 1000ක් රජයේ අනුමත මිල වන පොහොර මිටියක් රුපියල් 1500 බැගින් එම අවස්ථාවේම ප්‍රදේශයේ ජනතාවට නිකුත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණු කුමාර මහතා වෙළඳසැල් ව්‍යාපාරිකයාට නියෝග කළා.

පසුව එම ස්ථානයේ රැඳී සිටියදී තවත් තොරතුරක් රේණුක කුමාර මහතාට ලැබුණේ ඊට කිලෝ මීටර් කිහිපයක් දුරින් පිහිටි ස්ථානයක ද මේ ආකාරයෙන් පොහොර තොග සඟවා ඇති බවය. ඒ අනුව වෙළඳ සැල් හිමියාට පොහොර අලෙවි කරන ලෙස නියෝග කොට එම ස්ථානයේ මිල ගණන්ද ප්‍රදර්ශනය කළ මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර මහතා ඇතුළු පිරිස ලද තොරතුර පරික්ෂා කිරීමට එම ස්ථානයෙන් පිටත්ව යන්නට විය.

පැය කිහිපයකට පසුව නැවතත් රේණුක කුමාර මහතාට තොරතුරක් ලැබුණේ මෙම පොහොර සඟවා තිබූ ව්‍යාපාරිකයා ඉතා සූක්ෂම ලෙස පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ගේ ද ජනතාවගේද ඇස් වසා ශීතකරණ ලොරිය එම ස්ථානයට ගෙනවිත් ගබඩාවේ තිබූ විශාල පොහොර තොගයක් එම සීතකරණ ලොරියට පටවා ලොරිය තුළ සැඟ වූ බවය.

වහා ක්‍රියාත්මක වූ පාරිභෝගික නිලළධාරීන් කණ්ඩායම එම ස්ථානයට පැමිණ පොහොර අලෙවි කරන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු ව්‍යාපාරිකයාගේ නිවස ආසන්නයේ නවතා තිබූ මෙම ශීතකරණ ලොරි රථය පරීක්ෂාකර බලන්නට විය . ශීතකරණ ලොරි රථයේ තිබී තවත් ගවා තිබූ පෝර මිටි සියයකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව රේණුක කුමාර් මහතා පැවසීය.

දඩි ලෙස අවවාද කළ රේණුක කුමාර මහතා ව්‍යාපාරිකයාට කියා සිටියේ තමන්ගේ වගා බිමක් ඇත්නම් ඊට අවශ්‍ය පොහොර තොග පමණක් තබාගෙන ලොරි රථයේ සැඟවූ සියලු පොහොර ප්‍රදේශයේ ගොවි ජනතාවට රජයේ සම්මත මිලට නිකුත් කරන ලෙසය. පොහොර මිලදී ගැනීම් සඳහා පැමිණි ප්‍රදේශවාසීන් දැඩි ලෙස මෙම ව්‍යාපාරිකයාට චෝදනා කරන්නට වූයේ තම වගාවන් වලට අවැසි පොහොර නොමැතිව බව පවසමින්න් ඉතා සූක්ෂම ලෙස වැඩි මිලට පොහොර සැඟ වූ බවය.

මෙම ව්‍යාපාරිකයා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා මෙම කූට උපක්‍රම භාවිතා කරන බවත් එමගින් ප්‍රදේශයේ ගොවි ජනතාවට ලැබිය යුතු පොහොර නියම කාල වකවානුවට ලබා නොදී සැඟ වූ බවද ප්‍රදේශවාසී ගොවීන් චෝදනා කරන්නට වූහ.

ReeCha